Saturday, July 2, 2011

02.ස්වරණ පත්‍ර පරික්ෂාව

       Sri Lanka has a uniform school uniform.
 ඉස්කොලේ යද්දි කොල්ලන්ට එක එක කලෙට එක එක දේවල් ඔළුවට ගහනවා.ඕක ගොඩක්ම වැඩි වෙන්නේ දිග කළිසම් ඇඳිල්ලත් එක්ක තමයි.
       අපේ කාලේ අපිට ආපුවා තමයි යං කළිසම් මං එන්නම්,ආයේ බිත්ති ඔරලෝසු අතේ බඳින එක එතකොට කොන්ඩේ doubble cut එක, අම්මේ තව කීයක් නම් තිබ්බද? ඔය කිව්වේ මම කරපු ටිකක් විතරයි.ඉතින් ඔය දිග කළිසම් එක්කම ඔළුවට ගහනවා ලොකු කම මාත් දැන් ලොකු මිනිහෙක් කියලා .
       කළුමල්ලි ගිය ඉස්කෝලේ දිග කළිසම් අඳින්න දෙන්නෙ 10 වසරේ ඉඳලා,ඒත් කොළු තාත්තලාට (‍රැවුල වැවුනු ,කකුල් පුරා මයිල් ආපු) ටීචර්ලම කියනව දිග කළිසම් අඳින්න කියලා .ඊ ලඟට අනිත් එවුන් ආයේ කොට කලිසම් අලුතෙන් මහන්නෙ නෑ මොකද දිග කලිසම් අඳින්න බලාගෙන ඉන්නේ. ඉතින් අර ඇඟේ හැටියට පොඩි කළිසම් ඇඳගෙන ඉන්නකොට (අර cadet කරන PT කළිසම් වගේ) ටීචර්ලා කියනවා කට්ටියටම දිග කළිසම් අඳින්න කියලා.10 වසරට යනකොට ඔක්කොම දිග කළිසම් අඳින්න පටන් අරන්.
          ඉතින් ඔය දිග කළිසමත් එක්ක එන ලොකු කම අතරින් එකක් තමයි ස්වරණ පත්‍ර පරික්ෂාව. අපි ඔය පරික්ෂාව කරපු ජනප්‍රිය තැන් තමයි, මරදාන අරියභවන්,මරදාන station කැන්ටිම, පුන්චි බො‍රැල්ල ඉසුරු එක,පැරිසන් එක එතකොට ගම්පහ සමන් අය්යගේ කඩේ, ලලියගේ කඩේ.ඕවගෙ school uniform එකෙන් එලිපිටම අවුලක් නෑ.මොකද ඒ කාළේ ඔය අලුත් නීති තිබුනේ නෑ.එතකොට ස්වර්ණ පත්‍රයක් රු. 5.50, ප්ලේන්ටියක් රු. 1.50, ඉතින් දෙන්නෙකුට යන්නෙ රුපියල් 9.00යි මොකද හැක්ස් දෙකක් කනවනේ ඒකයි.ආයෙ තව නිට්ටඹුව පොදු පාසල් එකත් අපේ පාඩුවේ ඕන වැඩක් කරගෙන යන්න පුලුවන් බස් එකක්.
        දැන් පූර්විකාව ඉවරයි. කථාවට බහිමු.මේ වැඩේ උනේ කළුමල්ලිගේ යාළුවෙකුට අනුවා කියලා. මිනිහ උදේ school bus එකේ එන ගමන් ස්වර්ණපත්‍ර පරික්ෂාව කරලා වැඩිපුර ගත්ත එකක් කමිස සාක්කුවේ අමතකවෙලා.දැන් අනුවා චන්ඩියා වගේ ඉස්කොලෙට එනවා.එද්දි  Head Prefectට අහුවෙලා

 HP  -  මල්ලි.. මෙහෙට එන්න

 අනුවා -  ඇයි.. අය්යේ?

 HP   -  මොනවද ඔය සාක්කුවේ?

 අනුවා -  (අනුව දන්නෙ එතකොටයි සාක්කුවෙ බඩු ඉතුරුයි කියලා)ස්වර්ණපත්‍රයක්.....

 HP   -  මොකටද?

 අනුවා   -(දැන් කොහොමත් නොන්ඩියිනෙ) බොන්න අය්යේ.......

 දන්නවනෙ HP ලගේ පඬි කථා........

 HP   -ඕක බොන්න ද්‍රවයක්ද? ඕක ඝණ ද්‍රව්වයක්නේ කාපිය ඕක.........


       මේ කථාව කියද්දි තවපොඩි කථාවක් මතක් උනා.හැබැයි කාට උනාද කියල මතක නෑ. කොහොම හරි මතක විදිහට අපේ එකෙක්.ඉස්කෝලෙට පරක්කුවෙලා එනකොට විනය පාලක සෙට් එක මග ‍රැකගෙන ඉන්නෙ. මොකද පරක්කු වෙලා එන හොඳ ළමයිව පිළිගන්න.දවසක් කට්ටියම පෝලිමට තියලා ඇඟිළි ඉඹිනව ස්වර්ණපත්‍ර පරික්ෂා කරපු එවුන් හොයන්න.දැන් විනය පාලක සෙට් එක කොල්ලන්ගේ ඇඟිළි ඉඹිනවා ස්වර්ණපත්‍ර ගඳ නැත්නම් පන්තියට යන්න දෙනවා. අර අපේ පොරගේ ඇඟිළි ඉඹපු ගමන් සර් දීලා ඇදලා හොඳ කණේ පාරක්.පස්සෙ දණගස්සල අරූව අදරයෙන් අමතනවලු.කාටවත් හිතා ගන්න බෑ මොකද උනෙ කියලා. පස්සෙ තමයි ආරන්චිය ආවේ පෝළිම මුල සර් බල බලා ඒනකොට මූ පුK ඇඟිල්ල ගහගෙන .............

පින්තූරේ ගත්තෙ -http://www.trent.karoo.net/sri-lanka/sri-lanka-vacation-part-16.html

Tuesday, June 28, 2011

01. අනේ මැඩම් මම නම් අලුත්ගම...............


  මම දැන් වැඩ කරණ තැන ඉන්නව වසන්ත කියලා ලංකාවෙ  කොල්ලෙක්. (මූට කොල්ලෙක් කියන්නත්  බෑ වැරදිලා කොල්ලෙක් වෙච්ච් එකෙක්) මිනිහට මෙහෙ භාෂාව හරියටම බෑ. ඒ උනාට වැඩ කරන තැන ලොක්කා මොනව හරි කියපු ගමන් ඌ අත දික් කරපු පැත්තට හරි හරි කියලා දුවගෙන ගිහින් මොනවා හරි තියෙන වැඩේ කරනවා.(එහෙම නැතුවත් බෑ , මොකද අපිට භාෂාව බෑ කියල උන්ට වැඩක් නෑ වැඩේ ඉක්මනට හරියට ඕන.)
 දවසක් මේ කඩේ (ආ.. කියන්න අමතක උන මේක රෙස්‍ටුරන්ට් එකක්)අයිති ගෑණි තව යාලුවො සෙට් එකක් එක්ක ඇවිල්ලා තේ බොන්න ලෑස්ති වෙලා අපේ වසන්තයට කථා කරා

 ගෑණි- වසන්ත අපිට කන්න colomba අරගෙන වරෙන්(මෙහේ colomba කියනව සුදු පරෙවියටයි, පාස්කුවට හදන බනිස් වගෙ කෑමකටයි දෙකටම)

  වසන්තය මේක අහපු ගමන් හරි නෝනා කියලා හුරේ run දැන් මූ යන ගමන් කල්පනා කරනව  ගෑණි මොකක්ද කිව්වෙ කියලා. මූට හෙන ප්‍රශ්නෙ මොකද  ගෑණි වෙනද වගේ කොහෙටවත් අත දික් කරේ නෑනේ. වසාට මතක් උනා  ගෑණි colombo කිව්වා කියලා දෑන් මු අයෙත් ආපසු හැරී  ගෑණි ලගට හුරේ run ... ගිහින් මූ ගෑණි ලගට වෙලා ඇඹරි ඇඹරි ඉන්නවා. ගෑණි ඉන්නව මූ colombo එක දෙනකන්,
  ගෑණි- කෝ colomba එක ඒක කපාගෙන අරන් වරෙන් අපිට කන්න....
  වසන්ත- නෝනා, මම නම් ඉන්නේ colombo නෙමේ ,කුස්සියේ උයන  ආනන්ද ඉන්නෙ colombo මම නම් අලුත් ගම........

ප.ලි
මේක අලුත් කොල්ලගෙ වැඩ පෙන්නීම  දැකලා මතක් වෙච්ච කථාවක් .ඒ එක්කම අලුත් කොල්ලට ස්තුතියි මගේblog  එකට පාර දාල තිබ්බට

Friday, April 29, 2011

00.ආයුබෝවන්...........

මාත් බ්ලොග් 1ක් ලියන්න කියලා හිතුවා.. 11 වසරෙන් පස්සේ රචනාවක් වත් ලියලා නෑ, හැබැයි......ආසවටම තමයි ලියන්නේ, මාත් ලංකාවෙ නෙමේ ඉන්නේ, මේ රටට ආපු දවස් වල job එකකුත් නැතුව, film බැලීම job එක කරගෙන ඉද්දි මගේ යාළුවෙක් තමයි baiscopelk ගැන කිව්වේ, එකෙන් රොයිලි ප්‍රනාන්දු ගේ blog එකට ගියා.එතනින් පටන් ගත්ත මගෙ blog කියවිල්ලට දැනට අවුරුදු දෙකකට කිට්‍ටුයි.දැන් මගේ favorites එකේ blog 83ක් තියෙනවා.තාම සිංහල කොටන එක හුරු නැති නිස අදට ඇති වගේ. ඉතින් මම ආරාධනා කරනවා පොඩ්ඩක් මේ පැත්තෙත් එන්න,මම ලියන එව්වගෙ තියන හොඳ , නරක ගැන මොනවා හරි කියන්න කියලා. එහෙනම් නැවත හමු වෙමු.
ආයුබෝවන්...........