මාත් බ්ලොග් 1ක් ලියන්න කියලා හිතුවා.. 11 වසරෙන් පස්සේ රචනාවක් වත් ලියලා නෑ, හැබැයි......ආසවටම තමයි ලියන්නේ, මාත් ලංකාවෙ නෙමේ ඉන්නේ, මේ රටට ආපු දවස් වල job එකකුත් නැතුව, film බැලීම job එක කරගෙන ඉද්දි මගේ යාළුවෙක් තමයි baiscopelk ගැන කිව්වේ, එකෙන් රොයිලි ප්රනාන්දු ගේ blog එකට ගියා.එතනින් පටන් ගත්ත මගෙ blog කියවිල්ලට දැනට අවුරුදු දෙකකට කිට්ටුයි.දැන් මගේ favorites එකේ blog 83ක් තියෙනවා.තාම සිංහල කොටන එක හුරු නැති නිස අදට ඇති වගේ. ඉතින් මම ආරාධනා කරනවා පොඩ්ඩක් මේ පැත්තෙත් එන්න,මම ලියන එව්වගෙ තියන හොඳ , නරක ගැන මොනවා හරි කියන්න කියලා. එහෙනම් නැවත හමු වෙමු.
ආයුබෝවන්...........